නව රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපතිවරයා ලෙස පත්වූ අකියෝ ඉසොමතා මහතා මේ බව ප්‍රකාශ කළේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමිනුයි.
රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව ඒ මහතා පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්වුණා.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජපාන තානාපතිවරයා පැවසුවේ ජනපතිවරයා අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා පහසුකම් සැලසීමට ජපානය සූදානම් බවයි.
ඒ සඳහා අවශ්‍ය පුහුණුව හා පහසුකම් සලසන බවද තානාපතිවරයා සඳහන් කළා.