මල්වතු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවිමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දිර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර කලා ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවිමේ නිවේදනය ද ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබෙනවා.
මේ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර, මහවැලි ගඟ, මුන්දෙණි ආරු ද්‍රෝනිය, දැදුරු ඔය සහ හැඩ ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඊයේ (28) පස්වරුවේ ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කෙරුණා.