නායයෑම් සහ ගල් පෙරළීම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ හතරවන දිනටත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සීමා කර ඇති බවයි.
මේ අතර කොළඹ කොටුව හා බදුල්ල අතර ධාවනය කෙරෙන රාත්රී තැපැල් දුම්රිය ඊයේ (28) කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා සීමා කිරීමට පියවර ගත් බව ද පාලක මැදිරිය සඳහන් කරනවා.