ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින් ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබූ බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.
කෙසේ වුවත් අද දිනයේදී උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 24 කට බලපෑම් එල්ල වුණා.
ගැටලු මතු වූ පුද්ගලයන්ගේ සංඛයාව හාරලක්ෂ එක්දහස් හත්සිය හතක්.
පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසන්නේ.
පූර්න හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 102 ක්.
තවත් නිවාස 1952 කට අර්ධ හානි සිදු ව තිබෙනවා.