ගම්පොළ පොලිස් වසමේ අඟුරුමුල්ල ප්රදේශයේ පුද්ගලයෙක් විදුලි සැර වැදීමකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 27 ක් වූ අටබාගේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදී මිය ගොස් ඇති බවයි පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ .
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.