කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සී/ස ජාතික කඩදාසි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෘත්තීය අත්දැකීම් රැසක් සහිත ඉංජිනේරු උපාලි රත්නායක මහතා පත්කර තිබෙනවා.
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ රත්නායක මහතා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක්.
එසේම එක්සත් රාජධානියේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සාමාජිකත්වය ලබා තිබෙන උපාලි රත්නායක මහතා ශ්‍රී ලංකා ඉන් කෝපරේටඩ් ඉංජිනේරු ආයතනයේ අධි සාමාජිකත්වය ලබා ඇත.
Sri Lanka Incorporated Engineers ආයතනයේ විධායක ලේකම්වරයා ලෙසත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයෙක් ලෙසත් වෘත්තීය ඇත්දැකීම් සහිත නව සභාපතිවරයා විශයභාර අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය සමඟ එක්ව අභියෝග ජයගනිමින් සී/ස ජාතික කඩදාසි සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම තම අරමුණ බවයි සඳහන් කළේ.