පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අලුත්කඩේ අංක 6 මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (28) නියෝග කර තිබෙනවා .
රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමටයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ මෙලෙස නියෝග කර තිබෙන්නේ .
ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙනවා .
ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා පසුගියදා (26) නියෝග කර තිබුණා .
මන්ත්‍රීවරයා විසින් 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුවක් කැඳවූ අවස්ථාවේදීයි එම නියෝගය නිකුත්කර තිබුණේ .