වව්නියාව මහකච්චකොඩිය ඒරුපතාන වැවේ වාන් ජලයට හසුව ගසාගෙන යාමෙන් ඊයේ (27) සවස තරුණයෙකු මිය ගොස් ඇති බව මාමඩුව
පොලීසිය ප්රකාශකර සිටිනවා .
මිය ගිය තරුණය තවත් තරුණයින් පිරිසක් සමග පවතින අයහපත් කාලගුණය පැවති අවස්ථාවේදී ඒරුපතානේ වැව වාන් දැමීම බැලීමට ගොස් ඇති
අතර එහිදී වැවේ වානේ ගසාගෙන යන ජලයට තරුණයා හදීසියේම වැටීම හේතුවෙන් ඔහු ගසාගෙන ගොස් තිබෙනවා .
කෙසේ වෙතත් මිතුරන් ඇතුලු අසල්වාසීන් එම අවස්ථාවේ ගසාගෙන ගිය තරුණයා බේරාගැනීමට දැඩි උත්සහයක් ගත්තද එය අසාර්ථක වී ඇති අතර
තරුණයා අතුරුදහන්ව තිබෙනවා .
පසුව ප්රදේශවාසීන් විසින් සෝදිසි කොට එය අසාර්ථක වීමෙන් අනතුරුව නාවික හමුදාවේද සහයෙන් පැය කිහිපයක් සිදුකරන ලද සෝදිසියකින් අනතුරුව
සැඩපහරට හසුව ලී කොටයක සිරවී දියේ ගිලීමෙන් මිය ගොස් සිටි අදාළ තරුණයාගේ මළ සිරුර හමු වී තිබෙනවා .
මෙසේ මියගොස් සිටියේ ඒරුපොතාන ගමේ පදිංචි 31 හැවිරිදි හසාන් චිරන්ත ගුණවර්ධන නැමති තරුණයෙකු බවයි පරීක්ෂණ සිදුකරන මාමඩුව
පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළේ .