පවතින අයහපත් කාලගුණය හේතුවෙන් , දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට අයත් පවුල් 66,947ක පුද්ගලයින් 230,743 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
විපතට පත්වවූන් ගලවා ගැනීම හා සහන සේවා කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව, මෙම මාධ්‍යහමුවට එක් වූ ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නාමල් ලියනගේ මහතා ප්‍රකාශ කළා.
සුරක්ෂිත මධ්‍යස්ථානවල මේ වන විට 15,000ට අධික පිරිසක් සිටින බවත්, එම පුද්ගලයින්ට ආහාර සහ අනෙකුත් පහසුකම් සැපයීම දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන බවයි සඳහන් කළේ.
රටපුරා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහය ඒ් සඳහා ලබා ගන්නා බවද ඒ් මහතා ප්‍රකාශ කළා.