අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වූ බවට වාර්තා වූ ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙනවා .
අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට ඉදිරිපත් වු ඔහු ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි කාර්තිව් පොලීසිය සඳහන් කර සිටින්නේ .
මේ අතර, ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වූ පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා .
එහෙත් සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ .