නුවරඑලිය ප්රදේශයට තවදුරටත් අධික වැසි පතිත විම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරයෙකු පවසනවා. .
ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ මට්ටමට පැමිණෙන විට ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.
පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය සහ නුවරඑළිය ගම්පොල ප්රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටී ඇති නිසා එම මාර්ගවල රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස ආපදා කලමණාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පවතින අයහපත් කාලගුණයත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන මගි ප්රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති අතර, එම දුම්රියන් ධාවනය කිරිමේදී වේග සීමා පනවා ඇති බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේ.