ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා.
ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි ඇමරිකානුවන් තිදෙනෙකු මෙලෙස නිදහස් කර තිබෙනවා.
මාක් ස්වීඩන්, කායි ලී, ජෝන් ලියුන්ග් යන අයයි මෙලෙස නිදහස් කර ඇත්තේ.
ඔවුන් 48,60 හා 78 යන වයස්වල පසු වූවන්.
චීනයේ රැඳී සිටි මෙම අය නැවත ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව චීන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්රකාශකයෙකු සඳහන් කළා.
මෙම හුවමාරුව සඳහා මාස කිහිපයක් ගත වූ අතර ඇමරිකා අත්අඩංගුවේ සිටින එක් චීන පුරවැසියෙකු හෝ නිදහස් කිරීම ද මීට ඇතුළත්.
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන්, මේ මස මුලදී පේරු හි ඇපෙක් සමුළුව අතරතුරදී චීන ජනාධිපතිවරයා සමග ද මේ පිළිබඳ සාකච්ඡා කළා.