පසුගිය රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන්ගෙන් තවත් කිහිපදෙනෙකු අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළවයි.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරණ කාලයේ ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වු බවට වන චෝදනාවට අදාළව නඩුවක් මේ වන විට විභාග වෙමින් පවතිනවා.
එහිදී අධිකරණය නියෝග කළේ එම එන්නත් ගෙන්වීම සඳහා අමාත්‍යවරයාගේ යෝජනාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි.
ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , නිමල් සිරිපාල ද සිල්වා හා කංචන විජේසේකර යන මහත්වරුන් ප්‍රකාශ ලබාදීම සඳහා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා.