විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකක් වංචා කළ බව කියන සැකකාරියක අත්අඩංගුවට ගැණුනා.
ඒ කොළඹ අපරාධ විමර්ෂණ ඒකකය මගිනුයි.
ඩුබායි රටේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම කාන්තාව පුද්ගලයන් රවටා මුදල් ලබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව පුද්ගලයන් 37 දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි දොලොස්ලක්ෂ අනූපන්දහසක් වංචා කර ඇති බවට ඇයට චෝදනා එල්ල වනවා.
මහියංගනය , බදුල්ල , බිබිල, අම්පාර ආදි ප්රදේශවල පුද්ගලයන්ගෙනුයි එම වංචාව සිදුකර ඇත්තේ.
වසර දෙකක් සැගවී සිටි මෙම සැකකාරිය ඇයගේ සැමියා ද සමග වත්තල ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනුනා.
ඇය ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි අධිකරණය නියෝග කළේ.