වැල්ලවාය සහ ඉහළ කදුකර ප්රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයත් සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එම ජලය කිරිඳි ඔයට මුදා හැරෙන අතර එම නිසා කිරිඳි ඔයේ ජල මට්ටම ද ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
කිරිඳි ඔය ආසන්නයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.