ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවට අද ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ශ්රී ලංකාවේ ඊසාන දිග ප්රදේශ වලට දැඩි ගංවතුරක් ගෙන එමින් මෙම සුළි කුණාටුව හමා ගියා.
පුද්ගලයන් ලක්ෂ 2කට වැඩි පිරිසක් ඉන් පීඩාවට පත්ව සිටිනවා.
ෆෙංගල් සුළි කුණාටුව අද තමිල්නාඩුව හරහා හමා යනු ඇති.
ඒ හේතුවෙන් නිවාස හා මාර්ග රැසකට හානි සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ වනවිටත් බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා පිටත් කර හැරීමටයි ඉන්දීය ආපදා කළමනාකරණ බලධාරීන් පියවර ගෙන ඇත්තේ.