හොර රහසේ ගංජා වගා කළ පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.
යාල රක්ෂිතයට අනවසරයෙන් ඇතුඵවී ස්වාභාවික පරිසරයට හා ජෛව විවිධත්වය ට දැඩි හානි ගෙන දෙමින් අක්කර 04 ක පමණ විශාල භූමි ප්රදේශයක් රක්ෂිතය එලි පෙහෙලි කර එහි වගාකර තිබු උස අඩි 06 ක් පමණ වූ ගංජා ගස් දෙලක්ෂ පනස්දාහක් පමණ සහිත ගංජා හේන් 04 ක් සමඟ කවුඩුල්ල, මැදිරිගිරිය, ඇඹිලිපිටිය, වැල්ලවාය හා පනාමුර ප්රදේශ වල පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් කතරගම පොලිස් ස්ථානය වෙත භාර තිබෙනවා.