ඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාව ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්රායලයට විකිණීමට එකඟ වී තිබෙනවා.
ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී මෙම අනුමැතිය ලැබීම විශේෂත්වයක්.
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්රායලයට ඩොලර් මිලියන 680 ක අවි පැකේජය අනුමත කර ඇත්තේ තාවකාලිකව බව ද වාර්තා වනවා.
මෙම ආයුධ පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මාස ගණනාවක් ගතව තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්ග්රස් කමිටුව විසින් එය පුළුල් ලෙස සමාලෝචනය කර තිබුණා.
ඒ අනුවයි මෙම අනුමැතිය ලැබී ඇත්තේ. එම යෝජනාව අනුව කුඩා බෝම්බ සිය ගණනක් හා ප්රහාරක යුධෝපකරණ කට්ටල දහස් ගණනක් ඊට ඇතුළත්.