වයස අවුරුදු තුනක්වන තම සිඟිති දියණිය කාටත් හොර රහසේ නිවසේ කාමරයක ඇඳක් යට ලාච්චුවක දමා තබාගෙන සිටි මවකට වසර හතහමාරක සිර දඬුවමක් නියමව තිබෙනවා.
මෙම නියෝගය ලබා දී ඇත්තේ වයඹදිග එංගලන්තයේ චෙස්ටර් ක්‍රවුන් උසාවියේදීවන අතර ඇයව සිරගත කර ඇත්තේ, දියණියගේ තුන්වන උපන්දිනයට සති කිහිපයකට පෙරයි.
මවගේ නොමනා ක්‍රියාව නිසා මෙම දරුවා “ජීවමාන මරණයක්” විඳදරාගෙන ඇති බව විනිසුරුවරයා පවසා තිබෙනවා.
කුෂ්ඨ සහ සමහර විකෘතිතා සහිත මෙම දරුවා මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව සඳහන්.
සිරගත කෙරුනු මෙම මවට තවත් දරුවන් සිටින නමුත් නිවසේ සිටි කිසිවෙක් මෙම දරුවා පිළිබඳ දැන සිට නැහැ.
කෙසේ වෙතත් එම නිවසේම විසූ ඇගේ සහකරු නිවසේ වෙනත් කාමරයකින් යම් ශබ්දයක් එන බව පවසා ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී, ඇඳක් යට ලාච්චුවක දමා සිටි මෙම දරුවා සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.