අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වයංක්රීය දොරටු සියල්ලම වාන් දැමීම අද (27) පස්වරුවේ ආරම්භ වී තිබෙනවා.
කියුබික් ඝන මීටර් මිලියන 721ක උපරිම ධාරිතාවයෙන් යුක්ත එම ජලාශයේ වාන් දොරටු මගින් තත්ත්පරයට ඝන මීටර් 500ක ජල ධාරිතාවයක් පහළ රන්දෙණිගල ජලාශයට මුදා හැරෙන බවයි වේල්ල භාර ප්රධාන ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා ප්රකාශ කළේ.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත වීම හා වික්ටෝරියා ජල පෝෂක කලාපයට අඛණ්ඩව ඇද හැලෙන වැසි හේතුවෙන් මෙම වාන් දැමීම ඉදිරි පැය කිහිපය තුළ ක්රියාත්මක වන බවත් ඒ අනුව තව පැය කිහිපයකින් රන්දෙණිගල ජලාශය වාන් දමන බවත් මහවැලි වේලි භාර ප්රධාන ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා සඳහන් කළා.
වාන් දැමීමෙන් පසු මසුන් ඇල්ලිම සඳහා රක්ෂිත කලාපය ඔස්සේ පහළ මහවැලි ගංගාවට පැමිණීම බෙහෙවින් අනතුරුදායක වන බැවින් නිරන්තරයෙන් සිදුවන වාන් දැමීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ඒ මහතා මහජනතාවට දැනුම්දෙනවා.