රාජ්‍ය ආයතනවල දියුණුව සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ එම ආයතන වල නිලධාරීන් සිදුකරන කැපකිරීම් වල පරිමාව මත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවස
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බත්තරමුල්ල අපේගම පිහිටි ජාතික ශිල්ප සභාවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද එහි පැමිණි අවස්ථාවේදීයි.
මෙහිදී ජාතික ශිල්ප සභාවේ කාර්යාලය, කලාගාරය ඇතුළු ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම කලාගාරය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයට ලක්වන ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේ ක්‍රියාත්මක වන වේවැල්, ලී කැටයම්, බීරලු, පිත්තල, ස්වර්ණාභරණ, දැව වැනි අත්කම් නිෂ්පාදන වෙළඳ කුටි නිරීක්ෂණය කිරීමටද එක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එම වෙළඳ කුටි පවත්වාගෙන යන ශිල්පීන් සමඟ සුහද කථාබහක යෙදුනු අතර ඔවුන් විසින් තම කර්මාන්තයන් පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටළු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළා.
එහිදී ශිල්පීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් ඔවුන්ගේ වෙළඳපොළ ප්‍රසාරණය කරගනිමින් ජාත්‍යන්තර වෙළඳපළට පිවිසීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් සමග ආයතනයේ ඉදිරි සංවර්ධන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳවද සාකච්ඡා කළ අමාත්‍යවරයා, සම්ප්‍රදායන් රැක ගනිමින් දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ඊළඟ පරම්පරාවට උසස් ජීවන තත්ත්වයක් ළඟා කරදීම අරමුණු කරගනිමින් ශිල්පීන්ට ප්රතිලාභ ලබාදෙමින් ඔවුන් ආරක්ෂා කරගැනීම ජාතික ශිල්ප සභාවේ වගකීම වන බවයි ප්‍රකාශ කළේ.
එසේම ආයතනය දියුණු කර ජාතික ශිල්ප සභාව ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීම ආයතනයේ සියලූම නිලධාරීන් සාමුහිකව කටයුතු කළ යුතු බවත්, එසේ ලබන ලාභය ආයතනයේ සේවකයින් සැමටම ප්රතිලාභ ලෙස නැවත ලබා දීමට විශය භාර අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කරන බවද කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.