අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විදෙස් තානාපතිවරුන් කිහිපදෙනෙකු හමුවුණා.
රාජ්‍ය තාන්ත්‍රික සබදතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනිම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සහ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුව සිදුවුයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අඩෙල් ඊබ්‍රහිම් මහතා හමුවුණා.
අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා අතර හමුවක් ද පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ මහතා ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සමග ද්විපාර්ශවික සබදතා පැවැත්වුවා.
වතිකානුවේ ශ්‍රී ලංකා තානාපති අති උතුම් මොන්සින්ඤෝ බ්‍රයන් උඩයිග්වේ රදගුරු හිමිපාණන් ද අග්‍රාමාත්‍යවරිය හමුවුණා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.