නුවරඑළිය නගර සිමාවට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින තලගල ඔය පිටාර ගැලීම නිසා නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වික්ටොරියා උද්‍යානය, ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ ඒකකය අද දින පස්වරුවේ ජලයෙන් යට වී තිබෙනවා.
එම ඒකකය ජලයෙන් යටවීම හේතුවෙන් ගිනි නිවන රථ එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට නගර සභාවේ පාලන අධිකාරිය මේ වන විට පියවර ගෙන තිබෙනවා.
ඒ අසල පිහිටි වෙලඳසැල් රැසක් ජලයෙන් යට වී ඇති අතර, වික්ටොරියා උද්‍යානයේ පිහිටි ළමා උද්‍යානයද සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා.