සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වී තිබෙනවා .
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම හමුව සිදු වී ඇත්තේ .
වත්මන් රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ තුළින් ඉදිරියේ දී දියත් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් වූ අතර, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් කිහිපයක වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව ද තොරතුරු විමසා බැලීමක් මෙහිදී සිදු වී තිබෙනවා
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියටත් මෙරට සෞඛ්‍ය සේවාව ඇතුලු සියලු සේවාවන් හි උන්නතිය සදහා සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සදහා ඉන්දීය රජය දක්වන දායකත්වය ඉතා අගය කොට සලකන බවයි.