ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගයෙන් බංග්ලාදේශයේ 10දෙනෙකු මියගොස් තිබෙනවා.
බංග්ලාදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට අනුව මේ වන විට එරටින් ඩෙංගු මරණ 471ක් වාර්තා වනවා.
අද දිනයේ ඇතුළත් කළ රෝගීන් 990 සමග මුළු රෝගීන් සංඛ්‍යාව 88,715 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දැනට ඩකා අගනුවර විවිධ රෝහල්වල රෝගීන් 1373දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
සමස්ත දිවයින පුරාම ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,149ක්.
වැසි සමය ආසන්න වීමත් සමග බංග්ලාදේශයෙන් මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වනවා.