බදුල්ල ප්රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති කාණුවක තිබී කාන්තා මළ සිරුරක් අද (27) උදෑසන හමුවු බව බදුල්ල පොලිසිය පවසනවා .
මෙලෙස මියගොස් ඇති කාන්තාව බදුල්ල නගරයේ සිටි වයස අවුරුදු 55 ක් පමණ වන දේවි නමින් හදුන්වන යාචක කාන්තාවකගේ මළ සිරුර බවට හදුනාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කරන්නේ .
මෙම කාන්තාවගේ මරණයට හේතුව අණාවරණය වී නොමැති අතර මේ පිළිබඳව බදුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරිමට නියමිතයි
බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .