ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (27) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකය පවසනවා .
නුවරඑළිය සහ ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැඩි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් වෙන ලෙසයි ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ .
ප්රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා .