ඇද හැලෙන ධාරානිපත වර්ෂාව නිසා මාදුරුඔය පොළොන්නරුව ප්රධාන මාර්ගයේ අරලගංවිල බෝ ගස් හන්දියේ ප්රදේශයේ පිහිටි ප්රධාන පාලමක් කැඩීගොස් තිබෙනවා.
එම ප්රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගෙන ඇති බව දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේය.
මෙම මාර්ගයේ පාලම ගිලාබැසිමත් සමග ධම්මින්න ,කන්දේගම ,විලයාය, නිදන්වල,මහා ඔය ආදී ගම්මාන රැසක ජනතාව දැඩි අපහසු තාවයට පත් වී තිබෙනවා.