රතු මුහුදේ අනතුරට ලක්වූ සංචාරක බෝට්ටුවේ සිටි අතුරුදන් පස් දෙනෙකු සොයා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පුද්ගලයින් 44 දෙනෙකු රැගත් සංචාරක බෝට්ටුව පසුගිය සඳුදා ගිලී යාමෙන් පසු අතුරුදන් පිරිස් බේරාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
රතු මුහුදේ සෝදිසි මෙහෙයුමේදී ඊජිප්තු ගලවාගැනීම්කරුවන් විසින් ඊයේ මළ සිරුරු හතරක් හා දිවි ගලවා ගත් පස් දෙනෙකු සොයා ගත්තා.
මේ වන විට එහි සිටි පුද්ගලයින් 33 දෙනෙකු බේරාගෙන ඇති අතර ඊයේ සවස වන විට තවත් හත් දෙනෙකු අතුරුදහන් ව සිටියා.
මහල් හතරකින් යුත් නවීන යාත්‍රාවේ මගීන් 31 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 13 දෙනෙකු සිට ඇති අතර එය මාර්සා අලාම් අසලදී විශාල රළකට හසු වී පෙරළී ගොස් තිබුණා.