මොණරාගල දිස්ත්‍රික්කයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල වෙහෙරගල ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා.
ජල මට්ටම මෙලෙස ඉහල යාමත් සමග වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයම විවෘත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග ගඟ දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා ඉල්ලා සිටින්නේ.