ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ආරම්භ වුණා.
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් විසින් මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලෙබනන වේලාවෙන් එය අද අලුයම 4ටයි එය ආරම්භ කෙරුණේ.
කෙසේ වෙතත් මෙම සටන් විරාමයට පැය කිහිපයකට පෙර ද දෙපාර්ශවය අතර ගැටුම් හටගත්තා.
හිස්බුල්ලා සංවිධානය පවසන්නේ ඊයේ රාත්‍රියේ ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා දියත් කළ අතර ඊශ්‍රායලය මීට පෙර බේරූට් හි දකුණු ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරක් ලෙස මෙය සිදු කල බවයි.
හිස්බුල්ලා සංවිධානය වසරකට ආසන්න කාලයක් තිස්සේ එල්ල කරන රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා මීට මාස දෙකකට පෙර ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් ද ආරම්භ කළා.
මෙම සියල්ල අතරතුරයි නව සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ.
එහෙත් ලෙබනනයේ සටන් විරාමය ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධයට සෘජුව බලපාන්නේ නැති බවටයි වාර්තා වන්නේ.