මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (27) දින අලුයම සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා .
ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ .
පවතින අයහපත් කාලගුණයත් සමග නෝටන්බ්‍රිජ් ප්‍රදේශය පුරා ඝන මීදුම් තත්ත්වයක්ද හටගෙන ඇති අතර, රථ වාහන ධාවනයේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සැලිකිලමත් ලෙස රිය ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා .