මිස්ටර් වර්ල්ඩ් (Mr: World ) තරගාවලියට සහභාගී වී , ලෝකයේ කඩවසම් තරුණයන් අතරින් අවසන් දස දෙනා ( Top 10 ) අතරට තේරී පත් වූ , මේඝ
සූරියආරච්චි ඊයේ (26) දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පැවති මිස්ටර් ශ්‍රී ලංකා ( Mr: Sri Lanka ) තරගාවලියේ දී මෙරට කඩවසම්ම තරුණයා ලෙස තේරීපත් වූ මේඝ සූරියආරච්චි , මෙම ලෝක මිස්ටර් වර්ල්ඩ් තරගාවලියට ඉදිරිපත් වුණා.
මෙම තරගාවලියේ දී අවසන් දස දෙනා අතරට තේරී පත් වීම ශ්‍රී ලංකාව මෙවැනි තරගාවලියක දී ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් ප්‍රථම ජයග්‍රහණය බව මේඝ කටුනායක ගුවන් තොටුපොළේ දී සඳහන් කළා.
මීට අමතරව මෙම තරගාවලියේ දී හොඳම ඇදුම් නිර්මාණයට හිමි සම්මානයත් , මෙම තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කර ගත් තරුණයාට හිමි සම්මානයත් දිනා ගත් මේඝ සූරියආරච්චි ආසියාවේ කඩවසම් තරුණයන් අතරින් දෙවන ස්ථානයත් දිනා ගැනීමට ද සමත් වුණා.
මෙම ජයග්‍රහණ හිමි කර ගත් මේඝ සූරියආරච්චි (26) දින මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු පිළිගැනීම සඳහා සංගීතා වීරරත්න , ඔහුගේ ප්‍රධාන රූපලාවණ්‍ය උපදේශක ධනංජය බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.