ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කළ අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙස තීරණය කර තිබෙනවා.
මෙම වෙනසත් සමඟ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක 50ක් පමණ වෙනවා.
බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස තවදුරටත් පවතිනවා.