මොණරාගල දිස්ත්රික්කයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සමග සියඹලාණ්ඩුව හැඩඔය පිටාර ගලමින් තිබෙනවා.
මෙලෙස හැඩඔය පිටාර ගැලීමත් සමග සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් මහකළුගොල්ල ප්රදේශයේ වගා ඉඩම් කිහිපයක ගොවීන් පිරිසක් සිරවී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
එලෙස සිරවී සිටි ගොවීන් පිරිස මුදා ගැනීමට මොණරාගල දිස්ත්රික් ආපදා කලමානාකරණ ඒකකයේ මැදිහත් වීම මත,නාවික හමුදා නිලධාරීන්,පොලිස් නිලධාරීන්,සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව මෙහෙයුමක් සිදු කළා.
පසුව එලෙස සිරවී සිටි ගොවීන් පස් දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් බෝට්ටුවක් උපයෝගී කර ගනිමින් මුදා ගැනීමට සමත් වුණා.