හෙරොයින් සමග සැකකරුවෙක් රාගම පොලිස් වසමේ වල්පොළ දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 240ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 30ක් වන වල්පොළ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.