ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර ශාලාවේ දී ආරම්භ වුණා.
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් තොර ශ්‍රී ලංකාවක් කරා සැමට සුරක්ෂිත පොදු අවකාශයක් යන තේමාවෙනුයි මෙවර එය පැවැත්වෙන්නේ.
බහු ආංශික සහයෝගීතාව සහ ප්‍රතිපත්ති බලාත්මක කිරීම තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්රචන්ඩත්වය පිළිබඳ ආමන්ත්‍රණය කිරීමට රජය කැපවී ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
ඒ සාමුහිකව ක්‍රියා කිරීමේ වැදගත්කම පිළිබඳව ද පෙන්වා දෙමින්.
එවැනි ප්රචණ්ඩත්වයකින් නිදහස් ශ්‍රී ලංකාවක් සඳහා වූ දැක්ම ආරම්භ වන්නේ සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත පොදු අවකාශයක් සමගිනුයි.
මෙම ව්‍යාපාරය හුදෙක් සංකේතාත්මක දෙයක් පමණක් නොවේ.
එවැනි ප්රචණ්ඩත්වයන් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ස්ථිර පියවර ගැනීම සඳහා සෑම පුරවැසියෙක්ම දායක විය යුතු බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නේ.
ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රබල තේමා පාඨ රැගත් බැනර් සහ පුවරු සමග නිදහස් චතුරස්රයේ සිට කොළඹ මහා නගර සභාව දක්වා දැනුවත් කිරිමේ පාගමනක් ද මෙහිදි පැවැත්වුණා.