ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර දැලක පැටලී සිටි කැස්බෑවන් (07) ක් ශ්‍රී ලංකා නාවික නෞකා නන්දමිත්‍ර නෞකාව මඟින් නිරීක්ෂණය කර, එම කැස්බෑවන් ධීවර දැලෙන් මුදා ගැනීමෙන් අනතුරුව නිරුපද්‍රිතව සාගරයට මුදා හැරීමට ඊයේ (26) වන දින කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික නෞකා නන්දමිත්‍ර නෞකාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ මුර සංචාරයේ යෙදී සිටියදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ ධීවර දැලක් නිරීක්ෂණය කෙරුණා.
එහිදී එම ධීවර දැලේ කැස්බෑවන් පැටලී ජීවිත අවධානමකට පත්ව සිටින බව නිරික්ෂණය කර නන්දමිත්‍ර නෞකාවේ කිමිදීමේ කණ්ඩායම් එම කැස්බෑවන් ධීවර දැලෙන් මුදාගැනීම සඳහා යෙදවීමට එම නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් කැළුම් මාරඹගේ විසින් කටයුතු කළා.
ඒ අනුව, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මහත් පරිශ්‍රමයක් දරා, එම ධීවර දැලේ පැටලී මරනාසන්නව සිටි කැස්බෑවන් හත් දෙනෙකු (07) නිරුපද්ද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව මෙලෙස සාගරයට මුදා හැරීමට කටයුතු කෙරුණා.