කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය ප්‍රදේශයේදී පාලමක් මතින් ගිය ට්‍රැක්ටරයක් පෙරළීමෙන් එහි ගමන්ගත් 11 දෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා.
එම ප්‍රදේශයේ පවතින ගංවතුර හමුවේ ඉන් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි කාර්තිව් පොලිසිය පැවසුවේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පාසල් සිසුන් 06 දෙනෙක් බවයි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන්කර සිටින්නේ .
ඉන් 05 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබෙනවා.
පවතින අයහපත් කාලගුණය හමුවේ මෙම අනතුර සිදුව ඇති අතර අතුරුදන් වූ 06දෙනා සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ .