වර්ෂාපතනයෙන් අම්පාර දිස්ත්රික්කයේ පවුල් දොළාස්දහසක් පමණ පිරිසක් අසීරුතාවයට පත්ව ඇති බව අම්පාර දිසාපති චින්තක අබේවික්රම මහතා ප්රකාශ කර සිටිනවා .
මේ වන විට අම්පාර ප්රදේශයේ ප්රවාහන කටයුතු සම්පුරණයෙන් මෙන් අඩපනව ඇති අතර ශ්රි ලංකා යුද හමුදාව පොලිසිය ඇතුළු රාජ්ය අංශයේ නිළලධාරින් අපදාවට පත් වූ ජනතාවට සහන සේවා සපයා දිමට කටයුතු කරනු ලබන බවයි සඳහන් වන්නේ .
මේ වන විට ගංවතුරින් විපතට පත් පවුල් සඳහා පිසු ආහාර ලබා දෙමින් පාසල් විහාරස්ථාන මුලික කර ගිනිමින් සහන කඳවුරු ස්ථාපිත කර ඇති අතර උසස්පෙළ විභාග සඳහා ඉදිරිපත්ව සිටින පාසල් දරුවන් සඳහා නියමිත පරිදි විභාගයට මුහුණ දීම සඳහා කටයුතු කර තිබෙන බව ඒ මහතා සඳහන් කරනවා .
ප්රදේශයේ සියළු වැව් පිරි ඉතිරි ඇති අතර කළුගල්ඔය ජලාශය පිරී ඇති බැවින් යම් අවදානම් තත්ත්වයක් හට ගනු ලැබුවහොත් ඒ සඳහාද කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් කර ඇත්තේ .
ඇතැම් වැව් පිටාර ගලන අතර ඇතැම් වැව් හානියට පත්විමට ප්රථම වැව් බැම්ම පාදා ජලය මුදා හරින්නට නිලධාරිණ් කටයුතු කරතිබෙනවා .