මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමඟ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු 26 වෙනිදා සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව කළමනාකරණ කාර්යාලය සඳහන් කරනවා .
ඒ සඳහා විකල්ප මාර්ග ලෙස මනම්පිටිය හරහා දෙහිඅත්තකණ්ඩිය බකමූණ මාර්ගය භාවිතා කළ හැකි බවයි පොළොන්නරුව ආපදා කළමනාකරණ කාර්යාලය මහජනතාවට දැනුම් දෙන්නේ .
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එහි දොරටු දහයම අඩි එක බැගින් විවෘත කිරීමට,පියවර ගත් බවත්, ඉන් තත්පරයට ගණ අඩි දාහක ජලධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැරෙන බවත් පොළොන්නරුව වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතා ප්‍රකාශකර සිටිනවා .
එම දොරටු දහය අද (26) රාත්‍රිය වනවිට අඩි තුන බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බවයි අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ .