අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම විවෘත කර තිබෙනවා.
සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 99,000ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ජලාශයේ ආරක්ෂාව සඳහා වාන් දොරටු දහයම විවෘත කළ බවයි වාරි ඉංජිනේරුවරයා සඳහන් කළේ. ‘
එම දොරටු අඩිය බැගින් විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයට ඝන අඩි දහසක පරිමාවකින් ජලය අඹන්ගගට මුදාහැරීමටයි පියවර ගෙන තිබෙන්නේ.
ඒ අනුව පහත් භූමිවල වාසය කරන ජනතාව අවදානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.