පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (26) 12.00 සිට (27) දින12 .00 දක්වා බලත්මකයි .
අනතුරු ඇඟවීමේ 1 මට්ටම ලෙස බදුල්ල දිස්ත්රික්කයේ, ලුණුගල, ඇල්ල, සොරණතොට, කන්දෙකැටිය, ඌව පරණගම සහ හල්දුම්මුල්ල යන ප්රදේශයන්ද ගාල්ල දිස්ත්රික්කයේ, නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය යන ප්රදේශයන්ද කළුතර දිස්ත්රික්කයේ, බුලත්සිංහල ද , මහනුවර දිස්ත්රික්කයේ, පූජාපිටිය සහ අකුරණ ප්රදේශයන්ද කෑගල්ල දිස්ත්රික්කයේ, යටියන්තොට, කෑගල්ල සහ බුලත්කොහුපිටිය යන ප්රදේශයන් නම් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
එමෙන්ම මාතලේ දිස්ත්රික්කයේ, යටවත්ත, ලග්ගල පල්ලේගම, මාතලේ සහ පල්ලේපොල ප්රදේශයන්ද මාතර දිස්ත්රික්කයේ,පිටබැද්දර සහ නුවරඑළිය දිස්ත්රික්කයේ, නුවරඑළිය සහ අඹගමුව ප්රදේශයන්ද රත්නපුර දිස්ත්රික්කයේ, රත්නපුර, ඉඹුල්පේ, පැල්මඩුල්ල, කහවත්ත, බලංගොඩ සහ විවෘතනායක යන ප්රදේශයන් සඳහාද නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
අනතුරු ඇඟවීමේ 2 මට්ටම ලෙස බදුල්ල දිස්ත්රික්කයේ,මීගහකිවුල, පස්සර, හාලි ඇල, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ සහ හපුතලේ ප්රදේශයන්ද මහනුවර දිස්ත්රික්කයේ,මහනුවර සතර කබරයන් හෙවත් ගඟවට කෝරළය, උඩුදුම්බර, පාතහේවාහැට, දෙල්තොට, හාරිස්පත්තුව, තුම්පනේ, ගංගවට කෝරළය, උඩපළාත, පාතදුම්බර, යටිනුවර සහ මැදදුම්බර ප්රදේශයන් ද යන ප්රදේශයන් අනතුරු ඇඟවීමේ නිවේදනයේ සඳහන්.
තවද කෑගල්ල දිස්ත්රික්කයේ, අරණායක සහ මාවනැල්ල ප්රදේශයන්දකුරුණෑගල දිස්ත්රික්කයේ,රිදීගම සහ මාවතගම ප්රදේශයන්ද මාතලේ දිස්ත්රික්කයේ, රත්තොට, නාඋල, අඹන්ගඟ කෝරළය, විල්ගමුව සහ උකුවෙල සහ නුවරඑළිය දිස්ත්රික්කයේ,වලපනේ, හඟුරන්කෙත සහ කොත්මලේ යන ප්රදේශයන් සඳහා අනතුරු ඇඟවීමේ 2 නම් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.