පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද (25) රාත්රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල් දුම්රිය රාත්රී 8.30 ට පිටත් වීමට නියමිතයි .
දැනට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .