කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවෙකු වන නවීන් සූරියආරච්චි මහතා පත්කර තිබෙනවා.
මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන සූරියආරච්චි මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ඇති අතර ඇමරිකාවේ බෝස්ටන් විශ්ව විද්‍යාලයෙන් 1998 වසරේදී ආයෝජන බැංකුකරණය පිළිබඳව Humphrey සාමාජිකත්වය (Humphrey Fellowship in Investment Banking) ලබා දී තිබෙනවා.
මූල්‍ය කළමණාකරණය හා ආයෝජන පිළිබඳව පුළුල් හා ගැඹුරු දැනුමක් සහිතව බැංකුකරණයේ වසර 40 ක විශිෂ්ට වෘත්තීය අත්දැකීම් ඇති නවීන් සූරියආරච්චි මහතා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ තනතුරු රැසක් දරා ඇති අතර සණස සංවර්ධන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
විෂයභාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හා අමාත්‍යාංශය සමඟ එක්ව මේ වන විට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක වන විවිධ බදු ක්රමයන් නැවත සලකා බලා ඉදිරි වසරේදී මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ