අධික වර්ෂාවත් සමග කිරිඳි ඔයේ ජල මට්ටම සීඝ්රග්රයෙන් ඉහළ යාම හේතුවෙන් ඒ ආශිත පදිංචිකරුවන් අවදානයෙන් සිටින ලෙස දැනුවත් කෙරෙනවා.
වැල්ලවාය සහ කිරිඳි ඔය ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන දාරානිපාත වර්ෂාව සමග කිරිඳි ඔයේ ජල මට්ටම සීඝ්රග්රයෙන් ඉහළ යන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
කිරිදි ඔය හරහා ඇති පාලම් කිහිපයක් මේ වනවිටත් යටව පවතිනවා.
කිරිඳි ඔයේ පහළ කොටසේ ජනතාව ගංවතුර අවදානමක් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙසටයි දැනුවත් කෙරෙන්නේ.