පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කරන ලද එන්.සි නැමැති මෙරට තහනම් කර ඇති මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 725 ක් සමඟ සැකකරුවෙකු හැටන් පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද (26) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා .
සැකකරු හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි අවු 50 පමණ වයසැති පුද්ගලයෙක්
ඔහු එන්.සි මත්කුඩු නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනු ලබන දුම්කොළ ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය නිෂ්පාදනය කර ඇති බවයි පොලිසිය විසින් කර ඇති මූලික විමර්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරුගෙන් හැටන් නගරයේදී මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තරුණයෙකු පැමිණි අවස්ථාවේදීයි හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ .
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී එන්.සි මත්ද්‍රව්‍ය සහ එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිතා කළ අමුද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ .