ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (26) දින දහවල් සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
නුවරඑළිය සහ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිළිමත් ලෙස සිටින ලෙසයි ආපදා කළමනාකරණ ඒකකයේ ඉල්ලා සිටින්නේ.