එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පලස්තීන-ඊශ්‍රායල් ප්රශ්නය සම්බන්ධයෙන් ඊයේ(25) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා අදහස් ප්‍රකාශ කළා. පසුගියදා, ඇමරිකාව සිය නිෂේධ බලය යොදා ගෙන ගාසා තීරයේ කඩිනම් සටන් විරාමය ඇරඹීමේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාවලිය අඩාල කළ බවයි ඔහු එහිදී පැවසුවේ. ඉන්පසුව ගාසා තීරයේ තවත් සිවිල් වැසියන් සියයකට වඩා වැඩි ගණනක් මිය ගිය බවත්, දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවත් Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නා.
ආධාර ද්‍රව්‍ය ප්‍රවේශයට ඇති සියලු සීමාවන් ඊශ්‍රායලය වහාම ඉවත් කළ යුතු බවත්, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය ඉලක්ක කරගත් පනත් කෙටුම්පත් ඉවත් කළ යුතු බවත් චීන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවත්, ලෙබනනය, සිරියාව, ඉරානය සහ අනෙකුත් රටවලට එරෙහි ආක්‍රමණ සහ ප්‍රකෝප කිරීමේ හැසිරීම් ඊශ්‍රායලය වහාම නතර කළ යුතු බවත් Fu Cong මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළ බවයි වාර්තා වන්නේ.