තැම්බූ නාඩු සහල් වර්ගයට සමාන සහල් මෙට්‍රික් ටොන් 70,000ක් වහාම ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
දේශීය වෙළෙඳපොළ තුළ සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව සහ දැනට පවතින නාඩු සහල් හිඟය සැලකිල්ලට ගෙන, ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා සමඟ එක්ව අදාළ පාර්ශ්වයන් විමසමින් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, තැම්බූ නාඩු සහල් වර්ගයට සමාන සහල් මෙට්‍රික්ටොන් 70,000ක් වහාම ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.